පූජනීය කැළණියේ අසුන්දර පැතිකඩ






මේකත් ලියන මහත්තයා ලබපු අත්දැකීමක්.


මේ මාතෘකාව ටිකක් විතර විවාදයකට යන්නත් පුලුවන්. ලංකාව ඉතින් අර මොන නිදහස තියන රට නේ..

මේකයි කතාව ...

මේ ලගකදී ලියන මහත්තයාට කැළණි පන්සලට යන්න වුනා. කැළණිය කියන්නේ බෞද්ධ අපිට වැදගත් තැනක් නේ.. "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ" කියලා පරණ කියමනකුත් එක්ක ගොඩක් ශ්‍රද්ධාවෙන් ලියන මහත්තයත් ගමන යන්න ලැස්ති වුනා .

කොහොමෙන් හරි කැළණියට ඇවිත් පන්සලට ඇතුල්වෙන තැනදී ලියන මහත්තයාට මුණ දෙන්න වුනේ හරිම ඇබැද්දියකට...

ඇතුල්වෙන තැන රෝද පුටුවක හිටපු අසනීප ගෑනු ලමයෙකුට පොඩි ආධාරයක් කලා විතරයි ලියන මහත්තයාව හිගන්නෝ 20ක් විතර වටකර ගත්තා. හරියට නිකන් පාන් කෑල්ලක් වට කරගත්ත කාක්කෝ රැලක් වගෙ. ලියන මහත්තයට ඇත්ත හිගන්නෝ කවුද කියලා හිතා ගන්න බැරි තරමට නානා විදිහේ කට්ටිය එතන හිටියා.. ලෙඩ්ඩුන් ගෙ ඉන්දලා වන්දනා ගමන් යන අම්මලා වගේ විවිධ හේතු කියපු කට්ටියගෙන් බේරිලා පන්සලට ගියේ මාර ගේමක් දීලා. නොදුන්නොත් ගුටි කන්නවෙයිද කියලත් හිතුනා..

ආයිමත් එද්දිත් යද්දි වුන සන්තෑනියම තමා..මේ සැරේ දීලා නෙමේ.. කලින් පාර දුන්න එක මතක තියන් ඉදලා වගේ ආයිමත් වටකර ගත්තා... වාහනේට ගොඩවෙලා යනකන්ම හිගන්නෝ ටික අත අරින්නෙම නෑ. මේ අත්දැකීම තව කිපදෙනෙකුත් අත් විදිනවා ලියන මහත්තයා බලන් හිටියා ..

ලියන මහත්තයා දැක්කා මේ කට්ටිය සංවිධානාත්මකව මේ වැඩේ කරගෙන යන විත්තිය. එක්කෙක්ට දුන්නොත් හරි දෙනවා දැක්කොත් හරි අනික් සෙට් එකට පණිවිඩය යනවා. කස්ටිය එතකොට වටවෙනවා.එක්කෙනෙක්ට දුන්නොත් හැමෝටම දෙන්න වෙනවා වගේ වැඩක් එතන දී වෙන්නේ.. මේ වගේ පූජණීය තැනක දී මෙහෙම දෙයක් වුනාම ටිකක් අපහසු තාවයකට වගේම සමහරුන්ට ටිකක් කේන්තිත් යනවා ලියන මහත්තයා බලාගෙන උන්නේ..

නැතිබැරි කෙනෙක්ට යමක් දෙනවා කියන්නේ පිනක්. හැබැයි ලියන මහත්තයා දකින විදිහට කාට දෙනවද කියන එක දෙන කෙනාගේ කැමැත්ත.. නමුත් දෙන්න බල කරන එක අනුමත කරන්න බෑ..

7 ප්‍රතිචාර:

Unknown said...

කැලණියෙ විතරක් නෙමේ. තව පූජනීය ස්ථානවලත් මේ තත්ත්වය තියනවා.

ලංකා ‍බ්ලොග් කියවනය said...

බ්ලොග් අඩවිය ඉතාම කදිමයි. දිගටම කරගෙන යාමට සුභ පතමි.

රාජ් said...

දෙන්න එපා එකෙකුටවත්

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) said...

"යකෝ මං කැළණියෙ. මොනවද බොල මේ ලියන්නේ අපෙ ඇමති තුමාව එවන්නම් ඔය පැත්තෙ." හි…
විහිලුවට හොදෙ ලියන මහත්තයො ගනන් ගන්න එපා.

ඇත්තම තමා ලියලා තියෙන්නෙ. ඔය ගොඩක් ඉන්නෙ හොරු. ඔහොම වංචාකාරයො නිසා ඇත්තටම අසරණයෙක්ට වත් කීයක් වත් දෙන්න හිතෙන්නෑ.

කැමතිනම් විතරක් ෆලෝ ගැජට් එකක් එල්ලන්න. අපීත් එල්ලෙන්නම්. දිගටමා ලියන්න ලියන මහත්තයො.

සුභ පැතුම්!

අටම්පහුර said...

මොකක්ද මේ ටෙම්පලේට් එක ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් ගියානේ , අළුත් පෝස්ට් එකට කමෙන්ට් කරන තැන හොයාගන්නත් අමාරුයි , අනිත් ලිපි කියවන්න පස්සේ එන්නං

Unknown said...

අටම්පහුර: බොහෝම ස්තුතියි අප්සට් එක කිවුවට.. දැන් හරි නේ?

නදී said...

අනුරාධපුරේ උඩමලුවෙත් ඉස්සර ඔහොම අය පෝලිමට මිනිස්සුන්ට වදයක් වෙන තරමට ඉල්ල ඉල්ලා කරදර කරනව. බිස්නස් එකට ඉන්න උන් නිසා අසරන මිනිහෙකුට උනත් කීයක් වත් දෙන්න වෙන්නෙ නැ ,(දැන් නම් මෙහෙන් හිගන්නො අයින් කරල කාලෙකින් දැක්කෙක් නෑ )

Post a Comment

Latest Tweets

 
;