Showing posts with label වෙඩිම. Show all posts
Showing posts with label වෙඩිම. Show all posts
5 ප්‍රතිචාර

මොකද හිතන්නේ... පොටෝකාරයෝ මෙහෙමද?


ඔන්න මුලින්ම කියලයි පටන් ගන්නේ...  හැමෝම මෙහෙම නැතුව ඇති හැබැයි බොහොමයක් මෙහෙමයි...
වෙඩිම කියන්නේ ඉතින් දැන් කාලේ මහ ඉහලින් ණය වෙලා කොරන දෙයක්නේ. අවුරුදු ගානක් ප්ලැන් කොරොලා වාහනයක් ගන්න පුලුවන් තරම් මුදලක් වියදම් කොරලා ලොකුවට ගන්න වෙඩිමේන් අන්තිමට ඉතිරි වෙන්නේ අර පැය ගානක් එක එක විදිහට ඇක්ට් කරලා  කට්ටකාලා ගත්තු පින්තූර ටික විතරනේ.. එහෙව් ගත්ත පින්තූර ටික ඇල්බම් එකට දාල දෙන්න අවුරුදු එකහාමරකටවත් බැරිවුන පොටොකාරයෙක් ගැනයි මේ කතාව...

ලියන මහත්තයාගේ වෙඩිමේ පින්තූර ගන්න බාර දුන්නු පොරව මුලින්ම හම්බුවෙන්න ගිය වෙලාවේ කතා කලේ නිකන් පණ දෙන්න වගේ... හරි අහින්සක විදිහට කතාකරන පොරට ඇඩ්වාන්ස් එකක් දිලා එහෙම ආවේ මිනිහගේ ගාන අපිට දරන්න පුලුවන් වුන නිසා. කොහොම හරි හරියටම වෙඩිමට මාසයකට කලින් කොල් එකක් දීලා බැලන්ස් එක ගන්නත් අමතක කලේ නෑ.

ඔන්න ඉතින් වෙඩිමත් ඉවරයි කිවුවලු... පහුවදාම DVD එක ගිහින් ගත්තා පින්තුර ටික ‍තෝරලා දෙන්න. පින්තූර ටික ‍තෝරලා දුන්නත් එතනින් එහාට වෙන දෙයක් නෑ වගේ.. මාස ගානක් ගියා.. කොල්ස් හැටහුටාමාරක් දුන්නාත් ඒ හැම වෙලාවෙම කිවුවේ එදාට දෙන්නම්...  මෙදාට දෙන්නම්... 


ඔය කෝල් එකක් දුන්න අතරේ මෙන්න මූ කියපි ‍තෝරලා දුන්න පින්තූර ටික කඩේ මාරුකරනකොට නැතිවෙලා කියලා.. ලියන මහත්තයා වැඩේ කෙරෙන්න ඕන නිසා ආයිමත් ‍තෝරලා දුන්නා... කොහොමෙන් හරි  අමරුවෙන් ගිය ඔක්තෝම්බර් මාසේ  පි‍ටු ටික ඉල්ල ගත්තා හරි වැරදි බලන්න.. පහුවදාම ආපහු යැවුවත් අද වෙනකම් නො කෝල්... කෝල් කලත් නෝ ආන්සර්..

ලියන මහත්තයා තමන්ගේ නෝනා කැන්දන් ඇවිත් දැන් අවුරුදු එකහාමරක් වුනා.. මාස තුනක පොඩි කොලු පැටියෙකුත් ඉන්නවා දැන්.. එත් අර කිවුවා වගේ කට්ට කාලා ගත්තු වෙඩිමේ පින්තූර ටික තමා තාම නැත්තේ.

මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. හෙට අනිද්දා වෙඩින් ගන්න ඉන්න උන් ඉන්නවනම් එක උපදෙසයි තියෙන්නේ.. ඇල්බම් එක අතට හම්බුවෙනකම් සල්ලි ගෙවන්න එපා....

Latest Tweets

 
;